ශ්‍රී ලංකාව-ආසියාව සමඟ දිගුකාලීන සබඳතාවක්
මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලින් මිදීම සඳහා ආසියාව සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාලලේ දී ඊයේ (26) පැවැසීය.
මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලින් මිදීම සඳහා ආසියාව සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාලලේ දී ඊයේ (26) පැවැසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බිම් මට්ටමේ මෙහෙයුම් කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට පැවරිය යුතු බවට රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව නිර්දේශ කර තිබේ.
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වන දැඩි බලපෑමට මුහුණදීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් 'ක්‍රියාකාරී සැලැස්මක්' ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට පෙරේදා (25) බාර දෙනු ලැබීය.
ළමා ශ්‍රමය සුරා කමින් ළමා හිංසනයේ නිරතවන පුද්ගලයින්ට ලබාදිය හැකි ඉහළම දඬුවම ඔවුන් පිලිබඳ සමාජයට හෙළිදරව් කිරීම බව ජනාධිපතිතුමා පවසයි.
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු පාකිස්තානයේ ක්‍රියාත්මක ලෂ්කාර්-ඊ-ජහාන්ග්වි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් හය දෙනෙකුට පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය අද අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය.
රාජ්‍ය ණය පිළිබඳ විගණකාධිපති වාර්තාවේ පරස්පරතා ඇතිවුණේ කෙසේදැයි සොයා බලන බවත් රජය විසර්ජන පනතින් අනුමත ණය සීමාව ඉක්මවා ණය ලබා ගෙන නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) ප්‍රකාශ කළේය.
පැවැති යුද්ධයේ දී රජයේ හමුදා කිසිවිටෙකත් පොකුරු බෝම්බ (CLUSTER BOMBS) භාවිත නොකළ බව ඉතා වගකීමේන් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. එක්තරා වෙබ් අඩවියක, රජයේ හමුදා යුද්ධයේ දී පොකුරු බෝම්බ භාවිත කළ බවට අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවත් එහි වන රූප රාමු වෙනත් රටක ඒ වා වන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.